Sunday, February 21, 2016

අමු නිරුවතින් 'Vezel' එකක යන්න උනා ඕයි!!!

සෑහෙන්න කාලෙකින් තමයි බ්ලොග් එකට ගොඩ උනේ. හැමෝම අහනවා දැන් ලියන්නෙ නැද්ද කියලා. ඇත්ත නේන්නම්... මං අන්තිම බ්ලොග් පෝස්ට් එක දාපු කාළෙ මේ ලක්දිව පාලනය කලේ වෙන ආණ්ඩුවක් කියලා දැනුයි මීටර් උනේ.

ඔන්න මේ අවුරුද්දෙවත් බස්සාගෙ ලක් එක හොඳ අතට හැරේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ගිය අවුරුද්දෙ බස්සා ඇතුලු කණ්ඩායම මුහුණ දීපු පට්ට පජාත විලි ලැජ්ජා සහගත කතාවක් කියන්නයි සූදානම. (සම්පූර්ණ ආතල් එක ගැනීම පිණිස post එකේ අන්තිම දක්වාම කියවන්න කියල ඉල්ලා හිටිනව). ඔන්න එහෙනම් කන් දෙකේ ඇඟිලි ගහගෙන පොඩි ළමයි එහෙම ඉන්නව නම් පොඩ්ඩක් ඈත් කරල, කතාව කියවන්න සූදානම් වෙමු ඈ...

ඔන්න දැන් අවුරුද්දකට විතර කලින් මට කාර් උණ හැදිල තිබ්බ අවදිය. චූටි ඇල්ටෙක්, මරුටියක් ලයින් කර කර හිටි මම අන්තිමට ගත්තෙ Honda Insight  හයිබ්‍රිඩ් එකක්. 

වත්තල පැත්තෙන් තමා කාර් එක ගත්තෙ.  කාර් එක ගත්තට පස්සෙ ඉස් ඉස්සෙල්ලම කතරගම පලයන් කියල බෝඩිමෙ උන් කිව්වා. කතරගම නම් ඉතින් ගෙදර ගිය වෙලාවක යන්න බැරියැ කියල හිතපු මම කොළඹම තිබ්බ පිල්ලෑවෙ පන්සලට ඉස් ඉස්සෙල්ලම කාර් එකෙන් ගිහින් ආව. දැන් ඉතිං කාර් එකෙන් අපේ සෙට් එකත් එක්ක දුර ගමනක් යනකම් ඉවසුමක් නෑ. කොහෙද යන්න කිය කිය හිත හිත ඉන්න ගමන් මගෙ අතිජාත සරසවි මිතුරු, කවදත් මට කෙළවෙන හැම තැනකම වගේ හිටපු ඉන්දුලයගෙන් chat එකක් ආවා.




කාල බීල බෝඩිමට වෙලා ඉන්න බැරි අපි ඔන්න ඔය විදියට 12 දෙනෙක් සෙට් කරගෙන හංවැල්ලෙ තියෙන Paint Ball ගහන පොට් එකට ඉරිදා දවසක යන්න පිටත් උණා. අපි බුක් කරලා තිබ්බෙ හවස 2 ඉඳන් 6 වෙනකම් time slot එක. දැන් යන්න වාහන තුනක් තියෙනවා.

01. මගේ honda insight හයිබ්‍රිඩ් එක.
02. කෝසලයගේ vezel හයිබ්‍රිඩ් එක.
03. සඳරුවගෙ ඇල්ටො කාර් එක.

මමත් හා හා පුරා කියල මගෙ කාර් එකේ බෝඩිමේ අකිලවයි, තව මාධවයවයි, පුට්ට වයි දාගෙන කාර් එකටත් වැඳලා ගමන පිටත් උනා. 



ගත්තු අලුත් නිසා, වලවල් වල එහෙම දාන්නෙ නැතුව බොහොම පරිස්සමින් drive කළා. අපි හවස දෙක විතර වෙනකොට හංවල්ලේ තියෙන අදාල ස්ථානයට ළඟා උනා. අපි යනකොට අපේ අනික් සෙට් එකේ ඉන්දුල, කෝසල, අඳුන්, සඳරු, ලක්ශ්‍රී සහ Dialog එකේ වැඩ කරන ඉන්දුලගෙ තව යාලුවො 3න් දෙනෙක් ඇවිත් හිටියා. මගේ කාර් එක ඉස් ඉස්සෙල්ලම දකපු කෝසලයා, අඩෝ මරුනෙ කියලා, පොඩි රවුමකුත් පැදල බැලුවා.

දැන් ඉතින් මේ paint ball ගේම් එක පටන් ගන්න කළින් අපිට එම ස්ථානයේ භාරකරු වුණු ෂේන් විජේසිංහ අපිට ලෙක්චර් එකක් එහෙම දුන්නා. මෙතන තමා ලෙක්චර් එක කළේ.

(මේක නම් අපේ ෆොටෝ එකක් නෙවෙයි ඈ)


"මේ ගේම් එක කරද්දි අපි ඔයාලව team දෙකකට බෙදනව. එක team එකකට ආමි ඇඳුම් වගේම අනික් team එකට STF නිළ ඇඳුම ලැබෙනව. මේක බොහොම පරිස්සමින් කරන්න ඕනි ගේම් එකක්. තුවාල වෙන්නත් පුලුවන්. ඒක නිසා හැමෝම තමන්ට ලැබෙන හිස් ආවරණ ගේම් එක ඉවර වෙනකම්ම ගලවන්න බෑ. එහෙම කරන අයව මං ගේම් එකෙන් අයින් කරනව. හැමෝටම තුවක්කුවක් ලැබෙනව. ඒ එක්කම බුලට්ස් 100කුත් එක්කෙනෙකුට ලැබෙනව. අනවශ්‍ය විදියට බුලට්ස් නාස්ති කරගන්නෙ නැතිව target එක පේනවනම් විතරක් shoot කරන්න. blind shooting (ඇස් දෙක පියාගෙන වැනීම) තහනම්. බුලට්ස් හදල තියෙන්නෙ වැදුන ගමන් පිපිරිලා යන රබර් වලින්.බුලට් එක ඇතුලෙ සායම් පුරවලා තියෙන්නෙ. ඒක නිසා තමන්ට වැදුන ගමන් අනික් අයට පේනවා. කෙනෙක්ට වෙඩි වැදුන ගමන් තරඟයෙන් ඉවත් වෙන්න ඕන. මේ විදියට එක team එකක් ඉවර වෙනකම් ගේම් එක යනවා. ගේම් එක යන්න අර අතන පේන පුංචි කැලෑවෙ. ඒක ඇතුලෙ අපි පොඩි බංකර්, කොන්ක්‍රීට් බැරිය(ර්) එහෙම හදල තියෙන්නෙ ඇත්ත war එකක් වගේ අත්දැකීම එන්න. හැමෝම ගේම් එකට කළින් මේ form එක fill කරන්න ඕන. මේකෙ තියෙන්නෙ තමන්ගෙ ජීවිතේට මොනයම් හෝ අනතුරක් උණොත් ඒකෙ වගකීම තමන් ගන්නව කියල."

ඒක ඇහුවට පස්සෙ නම් මට දාඩිය දාන්න පටන් ගත්ත. යකෝ සල්ලි දීල, මරණ අවදානමක් ගන්න අවස්ථාවක් දීපු ඉන්දුලය දිහාවට මට බැලුනෙ ඉබේටම වගේ.

කොහොම හරි ෂේන් විසින් අපිව  6 දෙනා බැගින් team දෙකකට බෙදුවා. අපේ team එකේ පිළිවෙලින්, අඳුන්, අකිල, මම, මාධව, ලක්ශ්‍රී, සඳරු, ඔන්න අපේ team එකට STF නිළ ඇඳුමත් ලැබුණා.



ඉන්දුලයගෙ team එකේ ඉන්දුල, කෝසල, පුට්ටා සහ ඉන්දුලගෙ යාලුවො 3න් දෙනා (ඔමිල, ලක්මාල්, එරංග)



දැන් තමයි හොඳම හරිය. 

දැන් ඉතිං ඇඳන් ආපු ඇඳුම් උනා තබලා, මුන් දීපු STF ඇඳුම් ඇඳගෙන කැළේ රිංගන්න වෙලාව. අපිත් එහෙට මෙහෙට මුවා වෙලා කලිසම, බැනියම, ටී-ෂර්ට් එක එහෙම ගලවලා, ජංගිය උඩින්ම අරුන් දීපු STF kit එක දා ගත්තා. ඒක දා ගත්තට පස්සෙ ආපු feeling එක කියල වැඩක් නෑ ඕයි. තිස් අවුරුදු යුද්ධයක් නිමා කරල සිරි ලංකාවට සාමය ගෙනාවෙ අපි 6 දෙනා වගේ හැඟීමක් ආව. 

කොහොම හරි ඔන්න 12 දෙනාම ලෑස්ති වෙලා, කැලෑගත වෙන්න කලින් අපේ ඇඳන් ආපු ඇඳුම්, ජංගම දුරකථන, ප(ර්)ස් ආදී සියලුම දෑ මගේත් කෝසලගේත් වාහන දෙකට දාල ලොක් කලා. මගේ කාර් එකේ යතුර වැඩි පරිස්සමට මං මගේ STF කලිසමේ සාක්කුවට දාගත්ත.

ඔන්න team දෙක වනගත උණා. අපේ team එක කැලේ එක පැත්තකට සෙට් වෙද්දි, ඉන්දුලලගෙ team එක අනික් පැත්තෙ සෙට් උණා. ඊ ගාවට අපි අපේ ගේම් plans ගැන රහසිගතව සාකච්චා කළා. 

ඔන්න ගේම් එක පටන් ගත්ත. දෙගොල්ලො දැන් මාරාන්තික විදියට වෙඩි තියාගන්නව. එක එකා මැරිල වටෙනව (මැරිල වැටෙනව කිව්වෙ සායම් පාර කාළ යුධ භූමියෙන් ඉවත්ව යනව). ටික වෙලාවකින් ෂේන් විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. 



දෙපිරිස කැලෑව මැදට එක් ‍රැස් වුණා. ගේමක්ම නෑ. අපේ තව 4ක් පණ පිටින්. ඉන්දුලලගෙ ඉතුරු තව දෙන්නයි. ඒ කියන්නෙ අපි ඉදිරියෙන්. මාත් තාම වෙඩි කෑවෙ නැති නිසා තව දුරටත් යුධ වදින්න අවස්ථාව ලැබුණා. මම ඉන ගාවට විතර වැවිල, තිබුණු හබරළ ගස්, ක‍ටු පඳුරු පීරගෙන බඩගාගෙන සතුරා වෙත ක්‍රමයෙන් ළං උණා. ඔය මොනවා උණත් අතරමගදී organizers ලා ඇවිල්ල ෆොටෝ එකක් ගහන්න හදද්දී ඒවාට මුහුණ නොදී පුළුවනැයි? බලපල්ලා මං ඉන්න ලස්සන විතරක්.





ඒ දවස් ටිකේම වැස්ස තිබ්බ නිසා බිම  දිය සීරාව එහෙමත් තිබුණ. ඒ අස්සෙ මෙන්න යකෝ කකුල් වලයි, අත් වලයි කූඩැල්ලො එල්ලි එල්ලි කනව. ඒකත් ඉවසගෙනම අපේ කන්ඩායම ඉදිරියටම ගියා.ටික වෙලාවකින් සතුරන් සියල්ල සායම් වෙඩි කා මළා. අපේ කණ්ඩායම ජයග්‍රහණය කළා.

ඉන් පස්සෙ කණ්ඩායම් දෙකම කළේ කූඩැල්ලන් කාපුවට ප්‍රථිකාර කිරීම. මගෙත් ඇඟේ හැම තැනකම ලේ ගහනවා. ඇති වෙනකම් ලේ බීපු කූඩැල්ලො මත් වෙලා වැනි වැනි ඉන්නව. සබන් කෑල්ලල් අරගෙන කූඩැල්ලන් ඉවත් කරල මහන්සි ඇරල වතුර එහෙම බීල අපි දෙවන වටය ආරම්භ කළා. 

අලුත් ගේම් plan එකක් සමග ආ ඉන්දුල ඇතුලු කණ්ඩායම මී ළඟ තරඟ වටයේ අපිට ඇප නැති වෙන්නම දුන්නා. දැන් කණ්ඩායම් දෙකම 1-1 බැගින් ලබාගෙන සම තත්වයේ. තව ගේම් එකක් ගහන්න විදියක් නෑ. දැන් හන්දෑවෙ  6 විතර වෙලා. කරුවලත් වැටිලා. අර කැලෑවත් අස්සෙ පොඩි සර්ප පැටව් එහෙමත් ඉන්නව කීප සැරයක්ම අපි දැක්ක. ඒ අස්සෙ ඔන්නෙ පොඩි පොද වැස්සකුත් ඇද වැටෙන්න ගත්ත. තව බුලට්ස් කීපෙකුත් ඉතුරු නිසා, ඔන්නොහේ කලුවරේම අන්තිම final එකත් ගහමු කියල කස්ටිය ඒකමතිකව තීරණය කළා. 

කොහොම හරි ඉන්දුලල අවසන් වටයත් ජයග්‍රහණය කළා. කස්ටියම කැලෑවෙන් ඉළියට ආව. 

දැන් එකාට එකා පේන්නෙ නැති ගානට කරුවල වැටිල. වැස්සත් මහ ධාරාණිපාත් වර්ෂාවක් බවට පත් වුණා. අපි හැමෝම එතන ආවරණයක් යටට ඇවිත් ආපහු කූඩැල්ලන් ගලවන ගමන්, එක එකාට වෙඩි වැදුණු හැටිත්, තමන් අවසන් වෙනකම්ම සැඟවී සිටි හැටිත් විනෝදෙන් කතා කළා. හෙට වැඩට යන්නත් ඕනි නිසා, ඉක්මනට එතනින් නාගෙන පිටත් වෙන්න කස්ටියට ඕනි කම තිබ්බා. ඔය අතරේ කලිසමේ සාක්කුවට අත දැම්ම මං යතුර පරිස්සමට තියෙනවද කියල බැලුවා.

"හත්තිලව්වයි!!! කාර් එකේ යතුර නෑ."

මගෙ ඉහින් කනින් දාඩිය දාන්න ගත්ත. මම දඩ බඩ ගාල හැම සාක්කුවක්ම චෙක් කළා. ම්හ්හ්!!! යතුර නෑ!!!

"අඩෝ, යතුර හැළිල බං!!!" මං එහෙම කිව්වම ඔක්කොම උන් එක පාරටම ගල් ගැහුණා.

"යතුර නෑ...? සිරාවටද කියන්නේ?..."

"ඔව් බං හැළිල...." මං කිව්ව.

"Extra key එක තියෙනවද?"

"නෑ බං. කලින් අයිතිකාරය එක යතුරයි දුන්නෙ...

"මළ මගුළයි. උගෙන් කතා කරල අහපන් තව යතුරක් තියෙනවද කියල"

"කොහොමද බං අහන්නෙ? phone එකත් කාර් එක ඇතුලෙනෙ..."

"කෙළියා... දැන් මොකද කරන්නේ? ඇයි යකෝ ඕක සාක්කුවෙ දාගෙන හිටියේ? මේ වැස්සෙ, කලුවරේ කැලේක කොහොමද බං යතුරක් හොයන්නෙ?" එක එකා මාරුවෙන් මාරුවට මට බනින්න ගත්ත.

"ෂෙහ්!!! දැන් මොකද කරන්නෙ?

"කරන්න දෙයක් නෑ. ටෝච් ගහල, තෙමි තෙමි හරි ආපහු කැළේ හොයමු. උඹ වැඩිපුර හිටපු තැන් වල හොයමු... මේ ගස්, පඳුරු අස්සෙ හොයන එක නම් ලේසි වෙන්නෙ නෑ... සර්පයොත් ඉන්නව බං දැං රෑ උණාම...."


අපි දොළොස් දෙනාම නැවත කැළයට වැදුණා. මහ වැස්සේ තෙමීගෙන හැම එකාම දණක් උසට වැවී තිබූ වැල් ක‍ටු පඳුරු එහෙ මෙහෙ කරමින්, ඇඟ පුරා දුවමින් ලේ උරා බොන කූඩැල්ලන් නොතකා යතුර සෙවීමේ නිරත උණා... අතින් පඳුරු එහෙ මෙහෙ කරද්දි සැරින් සැරේ හම්බුණු විස නැති පොඩි සර්ප පැටව් අපිව තව තවත් අධෛර්‍යට පත් කළා.ඒ අතරේ ඒ ස්ථානයේ සේවය කරන සුලු සේවකයනුත් අපේ සහයට ආව. පැය භාගයක් විතර හෙව්වත් අපිට යතුර හොයාගන්න පුලුවන් උනේ නෑ.
හැමෝම නැවතත් කැළෙන් එළියට ආවා.

"මොකද බං කරන්නේ? පඳුරු පොඩි වෙන්කොට තව තවත් හොයන්න අමාරු වෙන එකයි වෙන්නේ..." එකෙක් එහෙම කිව්වා.

"අපි කම්පැනි කතා කරල අහමු බන් මොකද කරන්නෙ කියලා... උන්ට තව යතුරක් issue කරන්න පුලුවන්ද දන්නෑනේ..." තවෙකෙක් යෝජනා කළා...

හැමෝම වගේ ඒකට එකඟ උනු නිසා මම කොළඹ Stafford Motors එකට call කළා. විස්තරේ අහගෙන මම phone එක තිබ්බ.

"මොකද උන් කියන්නේ?...."

"තව යතුරක් issue කරන්න පුලුවන්ද කියළා හරියටම කියන්න බෑලු. කාර් එක කන්ටෙනර් එකක වගේ දාගෙන කොළඹ ගේන්නලු. කාර් එක චෙක් කරලා යතුරක් issue කරන්න පුලුවන්ද බලන්නම්ලු... එහෙම පුලුවන් උනොත් remote key එකක් දෙන්න 65,000 ක් විතර යාවි කියනවා...."

"යකෝ එතකොට මේක ලක්ෂෙකට විතර කෙළවෙන වැඩක්නේ... ඊට වඩා ලාබ නැද්ද මිනිස්සු ටිකකට කුළිය දීල, කැළේ සුද්ද කරවන එක...? " එහෙම කිව්වත් ඔය කැළේ නම් සුද්ද කරන්න ඉඩ දෙන්නෙ නැති විත්තිය අපි දැනන් හිටියා. උන්ගෙ බිස්නස් එක නැති වෙනවට උන් කැමති නෑනේ.

"කරන්න දෙයක් නෑ බන්... දැන් පුලුවන් විදියට කොළඹ ගිහින් හෙට කට්ටිය නිවාඩු දාල ඇවිත් යතුර හොයමු... මොකද කියන්නේ? මට හෙට එන්න පුලුවන්..." එක යාලුවෙක් එහෙම කිව්වා.

"මටත් පුලුවන්.." ඒ තව යාලුවෙක්.

"මාත් එන්නම්..." තව එකෙක් කැමැත්ත පල කළා.

මම නිසා මුන්ටත් කට්ට කන්න වුනු නිසා අප්සට් එකේ හිටි මම ඒ යෝජනාවත් කැමත්ත පළ කළා..."

"කමක් නෑ බං... එහෙම කරමු. කාර් එක මුන්ට පොඩ්ඩක් බලාගන්න කියල යමු... මෙතන හිටිය කියල වැඩක් වෙන්නෙ නෑනේ..." හෙට කොහොම හරි ඇවිත් යතුර හොයාගන්නව කියල හිතාගෙන මං එහෙම කිව්ව.

"දැන් අපි කොහොමද යන්නේ? 12 දෙනෙකුට වාහන දෙකක යන්න පුලුවන් වෙයිද?..."

"ඒක නම් කොහොම හරි කළා කියමුකෝ.... අපි මුන්ගෙ මේ uniform ටික දුන්නම අඳින්නෙ මොනවද? බස්සගෙ කාර් එකේනෙ යකෝ අපේ ඇඳුම්? " තව යාලුවෙක් එහෙම කිව්වම අපිට තරු විසි වුණා...

"මළ හත්තිලව්වයි!!!.... රෙදි නැතුව කොහොමද යකෝ කොළඹ යන්නේ...?  මගේ office id එකත් බස්සගෙ කාර් එකේ. පර්ස් එකත් ඒකෙ..."

කවුරුවත් නොහිතපු අකරතැබ්බයකට තමයි අපි මුහුණ පෑවේ... ඒ අස්සෙ කෝසලයට, ඉන්දුලයට එහෙම බක බක ගාල හිණා... ඒ මදිවට එතන වැඩ කරන උනුත් හිනා වෙන්න ගත්තා.

"හාපෝ... රෙදි නැතුව නම් තොපි මගේ වාහනේට නගින්නෙපා.... ඊයා..." කෝසලයා එහෙම කිව්වෙ විහිලුවට කියල අපි දැනන් හිටියා...

කස්ටියම මෙතෙක් වෙලා උජාරුවට ඇඳන් හිටපු uniform ගලවලා, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි කෝසලයගෙ vezel එකට ගොඩ උණා... මොනව කරන්නද? මාත් විලි ලැජ්ජාව පැත්තක තියලා ජංගිය පිටින් වාහනේට ගොඩ උණා...

ඔන්න වාහන දෙක හන්වැල්ලෙන් පිටත් වුණා. අපි එකාට එකා මූණ බලන්නෙ නැතුව ඉස්සරහ පාර දිහා බලාගෙනම ඉදිරියට ගියා...  මොකටෙයි නිකං බොරු කියන්නෙ, රෙදි වැරහැළි පොරවගෙන යනවට වඩා මෙහෙම හුළං වැදි වැදි යන එකෙත් මාරම සනීපයක් තිබ්බා. ඒ අස්සෙ වාහනේ ඉඳගෙනම එකෙක් කෑගහනව කූඩැල්ලෙක්, කූඩැල්ලෙක් කියලා. කිව්වත් වගේ පුට්ටගෙ කලුලෙ තඩි කූඩැල්ලෙක්.

"තොපි වාහනේට නැග්ගෙ කූඩැල්ලොත් අරගෙනද යකෝ...? "කෝසලයා කෑගහන්න ගත්තා...


කොහොමින් කොහොම හරි අතුරු පාරෙන් එළියට ඇවිත් අපි කොළඹ පරන පාර ප්‍රධාන මාර්ගයට පිවිසුණා...

ඉදිරියෙන් Head light ගහගෙන එන බස්, ලොරි වල ආලෝකයෙන් අපේ වාහනේ ඇතුළ මහ දවල් වගේ ඒකාළෝක උණා... ලෝකයක් ඉදිරියේ නිරුවත් වුණු අපි, අදාල බස් එක හෝ ලොරි රථය අපිව පසු කර ගිය පසු නැවතත් සැනසුම් සුසුම් හෙලුවා...

හැබැයි අපේ සැනසීම වැඩි වෙලා තිබ්බෙ නෑ... පිඹගෙන ඉදිරියට ගිය කෝසලගෙ වාහනේ කඩුවෙල color light එක ගාව වාහන මැද්දෙ traffic එකේ නතර කළා... අපිට සමාන්තරවම දෙපැත්තෙන්ම නවත්තල තිබුණු වාහන වල ගෑණු පිරිමි ඇස් ලොකු කරන් අපේ වාහනෙ දිහා බැලුවා... විලි ලැජ්ජාවෙ සන්‍තෝසෙ බැරුව හිටිය අපිට color light එකේ timer එකේ තත්පර ගතවෙනව දැනුණෙ පැය ගානට.

අපි බය වුණේ වෙන මොකුත් නිසා නෙවෙයි. ජංගි ඇඳගත්තු කොල්ලො පුරවගත්තු vezel එක දැකළා, මොකෙක් හරි 119 call කරල කිව්ව නම් පිරිමි ජංගම ගණිකා රථයක් කඩුවෙල හංදියෙ තියෙනව කියල මොන දෙයියන්ට කියන්නද? අද කාළෙ ලංකාවෙ gossip sites තියෙන ගානට අපේ ඇත්ත කතාව පොලීසියට කියන්න කළින් ෂුවර් එකටම වෙබ් අඩවි දෙක තුනක අපේ photo කෑළි ටික වැටෙනවා ආයෙ දෙකක් නෑ...

ඔන්න ඔය ආකාරයට, දුර කතර ගෙවාගෙන අඩ නිර්වස්ත්‍රයෙන් සැරසී නවීන පන්නයේ vezel hybrid රථයක ගියපු කොල්ලො අපි.... ආයේ උඹලට පුලුවන්නම් අපිට challenge කරන්න, අපි මීටත් වඩා දරුණු විදියට vezel එකක යන්න උණත් පසුබට වෙන්නෙ නෑ හිටං... මොකෝ මේ record එක පිට යන්න අපි ඉඩ තියන්නෙ නෑ කියල අපේ set එක නිතරම මතක් කරනවා...



මේ බස්සාගෙ ලක් එකේ තරම blog එකේ ඉස්සර කියවපු උන් හොඳටම දන්නවා නොවැ...  ඉතින් එච්චරද උනේ කියල හිතන උන් පහල පේළි දෙක,තුනත් කියවපල්ල.

මම  : "අම්මෝ... ඇති යන්තම් බෝඩිමට ආව...  අකිල දොර ඇරපන්කො...."

අකිල: "උඹ ගාව නේද යතුර?"

මම : (ටිකක් වෙලා කල්පනා කරමින්...)
  "හත්තිලව්වයි!!!"

අකිල: "ඇයි?"

මම: "බෝඩිමේ යතුර කාර් එකේ කියහන්කො...."


++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප.ලි. ( පහුවදා නිවාඩු දාල, ආපහු යතුර හොයන්න ගිය අපේ සෙට් එකේ මාධවගේ පින්බර දෑසට යතුර හමු වුණා... කලින් දවසේ paint ball ගහන්න යන්නේ නැතිවත්, මාත් එක්ක යතුර හොයන්න නිවාඩු දාල ආපු තේමිය, සංජය ආදරෙන් මතක් කරනවා....යතුර හම්බුනොත් පාටියක් දෙනවයි කිව්වට මට තාම වෙලාවක් හම්බුණේ නෑ අප්පා පාටියක් දෙන්න . ඒ තරමට වැඩ, වැඩ.... :D  )

අන්තිමට බෝඩිමට යන්න උනෙත් bath room එකේ ජනෙලෙකින් රිංගලා. හැම ෆොටෝ එකක්ම මේකේ දාන්න බෑ... චූටි බට්ටෝ එහෙමත් "බස්සාගේ පළා මල්ල" බලනවා නොවැ...

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

22 comments:

  1. අනෙ අප්පේ... ඔයින් ගියා මදැයි කිව්වලු... බෝඩිමේ යතුරත් කාර් එකේ කිව්වම අරුන්ට දැනිච්ච සනීපෙ කොහොම වෙන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල... යතුරු වලින් මට වෙලා තියෙන කරදර නම් මේකේ ලියල ඉවරයක් කරන්න බෑ...

      Delete
  2. policiyen nawaththanna tibbe irak wath kapala

    ReplyDelete
    Replies
    1. ඉරිනම් කීයක් කැපුවද? මේ අපේ කෝසලයට සෑම කිලෝ මීටරේකටම ඉරක් දෙකක් කැපුවේ නැත්තන් ඇඟට හරි නෑ නෙව. ඒත් හොඳ වෙලාවට පොලීසියෙන් නැවැත්තුවේ නෑ.

      Delete
  3. mehi athi nam gam siyalla manak kalpithawe

    ReplyDelete
    Replies
    1. aa... umba awada? menna mu thama mata kelawena hama trip ekakma plan karanne.. :D

      Delete
  4. Niyamayi!Marima lassana kathawa.Yathura hamba wechcha dawase wisthareth thibuna nam eyath lassana kathawak wewi kiyala hithuna.

    ReplyDelete
    Replies
    1. ekath damma nam kathawa diga wadi wei kiyala hithuna... bohoma sthuthi. :)

      Delete
  5. Niyamayi!Marima lassana kathawa.Yathura hamba wechcha dawase wisthareth thibuna nam eyath lassana kathawak wewi kiyala hithuna.

    ReplyDelete
  6. රෙකෝඩ් එක අවුරුද්දෙන් අවුරුද්දෙන් අප්ඩේට් කරන්න ලැබේවා.... හික්ස්.... :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං. බොලාට ආතල්. මගේ නෙව රෙදි ගැලවෙන්නේ... :D

      Delete
  7. හැක්... නියම වැඩේ තමයි වෙලා තියෙන්නෙ. බාප්පෙක් ඉඳල මගදි නතර කළානං තව ආතල් එකක් ගන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. නතර නොකලට බාප්පල නම් මග දිගටම හිටිය... :D

      Delete
  8. මේ බ්ලොග් පෝස්ට් එක නියමයි!
    අපෙත් ඉන්නව නර්ෆ් ගන් වොරියර්ස්ලා කිහිප දෙනෙක්
    කෝල් ඔෆ් ඩියුටි ගගහ ඉඳල වැඩක් නෑ කියල එක්ක යන්න ඕනෑ
    ස්තූතියි ඔත්තුවට
    ජය!

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් පෝස්ට් එක නියමයි! /// ඇයි ඕයි බොරු කියන්නෙ....මේ වද පොන්නයට උවමනා මට වාහනයක් තියෙනවා කියලා මේක කියවන ගොන් වේසියන්ට පෙන්නලා උන්ගෙන් ආතල් එකක් ගන්න. ලිංගික දුබලතාවයක් තියෙන පොන්නයෙක් මේක ලියන්නෙ. යකෝ ගමනක් ගියා නම් ඒ ගමන ගිය වාහනය ගැන ලියලා වැඩක් තියෙනවද...මූ පොන්නයා කියලා ලියලා තියෙන විදියෙන්ම පේනවා...ඉන්සයිට් එක අරගෙන වරෙන්...පුක පලලා යවන්නෙ තොගෙ...

      Delete
    2. ///මේ වද පොන්නයට උවමනා මට වාහනයක් තියෙනවා කියලා මේක කියවන ගොන් වේසියන්ට පෙන්නලා උන්ගෙන් ආතල් එකක් ගන්න/// ubath keeya keeya hari ekathu karala hari naya wela hari waahanayak ganin ban. oya gathiya aduweyi ethakota. hak hak

      Delete
    3. "මේ බ්ලොග් පෝස්ට් එක නියමයි! /// ඇයි ඕයි බොරු කියන්නෙ....මේ වද පොන්නයට උවමනා මට වාහනයක් තියෙනවා කියලා මේක කියවන ගොන් වේසියන්ට පෙන්නලා උන්ගෙන් ආතල් එකක් ගන්න. ලිංගික දුබලතාවයක් තියෙන පොන්නයෙක් මේක ලියන්නෙ. යකෝ ගමනක් ගියා නම් ඒ ගමන ගිය වාහනය ගැන ලියලා වැඩක් තියෙනවද...මූ පොන්නයා කියලා ලියලා තියෙන විදියෙන්ම පේනවා...ඉන්සයිට් එක අරගෙන වරෙන්...පුක පලලා යවන්නෙ තොගෙ..."

      ඇයි බං මේ කුණුහරුප කියන්නේ? කියන දෙයක් මහත්මා ගතියට කියපන්කො. මටවත් හිතිලා නැති පැත්තක් උඹට හිතිලා තියෙනවා හැබෑට. මං උඹේ comment එක delete කරන්නේ එහෙම නෑ. උඹ ඉතින් කියල තියෙන්නේ උඹේ අදහසනේ. Anonymous comment දාන්නේ නැතුව බය නැතුව තමන්ගේ නමින් comment එක දාපන් බං. මං උඹටයි උඹේ comment එකටයි හොඳටම බය වෙලා ඉන්නේ.ඒක හන්දා උඹට බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ... :D

      Delete
    4. @තිස්ස දොඩන්ගොඩ

      එළ එළ. වැස්ස නැති කාලයක් බලල ගියා නම් තමයි හොඳ. නැත්තන් කූඩැල්ලෝ කඩල ඉවරයක් නැති වෙනවා.

      Delete
  9. එල පොස්ට් එක..උඹලව පොලිසියට මාට්ටු නොවුනේ වාසනාවට.. ලංකාවේ නීතියේ හැටියට උඩුකය වැස්මක් නැතුව වාහන එලවන්න තහනම්..
    ඔය කියන ප්ලේස් එකේ ගේම් ස්ලොට් එකකට කීයක් චාර්ජ් කරනවද බන්..

    ReplyDelete
    Replies
    1. අනේ ගණන් හිලව් මතක නෑ බං. එකෙකුට 2000 වගේ ගියා මං හිතන්නේ... මං එතන පොරගේ contact number එක දෙන්නම්. පොඩ්ඩක් අහල බලපන්.

      Hustlers Paintball Hanwella 077 385 6555

      Delete
  10. ඇත්ත කියපන් උබ හිතලම නේද යතුර හලලා ආවේ?

    ReplyDelete
  11. onna edayin passe kattiyama aye kohewath giye neelu

    ReplyDelete

උඩට යන්න මෙතන click කරන්න.