අවුරුදු 4කුත් මාස 7ක් පුරාවට ගෙවාපු කැම්පස් ජීවිතේ ඊයේ තිබූ අවසන් විභාගයත් සමග නිමා වුනා. එක පැත්තකින් සතුටක් දැනෙද්දි තව පැත්තකින් ලොකූ දුකක් දැනෙන්නේ. විභාග, එසයිමන්ට්ස්, ප්‍රොජෙක්ට්ස් අස්සෙ හිර වෙලා තිබුණු ජීවිතේ දැන් ටිකාක් නිදහස් වුණා. ඉස්සර නිතර නිතර බ්ලොග්කරණයේ යෙදුනට තිබුණු වැඩත් එක්ක ඒකත් ටික ටික අතපසු වුණා. ආයෙත් සුපුරුදු බ්ලොග්කරණයේ යෙදෙන්න හිතුවේ කම්මැලිකම යන්නත් එක්ක.
මාස කීපෙකට පස්සෙ ගෙදර ගිය වෙලාවෙ දැක්කා ගෙවල් ළඟ රොමානිස් කළු මාමලයි ගෙදරට පොලීසියෙන් ඇවිත් ඉන්නවා. කාරණේ මොකක්ද කියලා දැන්ගත්තෙ අම්මගෙන්. ලංකාවේ නා-නා ප්‍රකාර හොරු හිටියට මෙහෙව් හොරු නම් මං මීට කළින් දැකළ නෑ.
කළු මාමාගෙ පවුල පිට රට ගෘහ සේවයට ගිහින් අවුරුදු කීපයක්ම දුක් විඳල හරි හම්බ කරගෙන ලංකාවට ඇවිත් තිබුණේ මේ ළඟදි. ඔය අතරෙ කළු මාමා හේනක් කරල තියෙනවා. හේනෙ තිබුණු පොඩි වාඩියක තමයි රෑට නතර වෙන්නෙ. ගෙදර තනියම ඉන්න බැරි නිසා කළු මාමගෙ බිරින්දෑත් හේනෙ වාඩියෙ තමයි හිටියෙ. දවස් දෙක තුනකට සැරයක් තමා දෙන්න ගෙදර එනව කියන්නේ. සෑහෙන්න මහන්සියෙන් දුක් විඳල උපයගෙන සාධාරණව ජීවත් වුණු මේ දෙන්න ගැන කාටත් තිබුණේ පැහැදීමක්.
ඔන්න ඔහොම හේනෙ ඉඳල ගෙදර ආපු දවසෙ දැකපු දෙයින් කළු මාමයි නැන්දයි තුෂ්නිම්භූත වුණාලු. ගෙදර එනකොට ගෙදර බඩු මුට්‍ටු මොකවත්ම නෑ. නිදා ගන්න ඇඳේ ඉඳන් පුටු,මේස,කබඩ්,කොට්ට,රූපවාහිනිය,කන බොන පිඟාන කෝප්පය දක්වා සියලුම දේ අතුරුදහන්. බිත්ති හතරයි වහලෙයි විතරක් දකිද්දි මේ අසරණ මිනිස්සුන්ට මොනව හිතෙන්න ඇද්ද? රෑ ගෙදරට ආපු හොරු ඇවිත් තියෙන්නෙ නිකම්ම නෙවෙයි, ලොරියකුත් අරගෙන. අල්මාරිය උස්සගන්න තරම් බර වැඩි නිසා ටිකක් දුර ඇදලා බර වැඩි හන්දා ඒක විතරක් දාල ගිහින්. හැබැයි ඇතුළ හිස්.
"මං කවදාවත් අඬනව දැකල තියෙයිද පුංචි අයියෙ? ඒත් මං මෙච්චර කල් දුක් විඳල හම්බකරගත්තු දේ මෙහෙම හොරු අරන් ගියාම මං කොහොමද හිත හදාගන්නෙ පුංචි අය්යෙ? " කළු මාම අපේ තාත්ත එක්ක එහෙම කිය කිය ඇඬුවා කිව්වම මටත් ඇති වුණේ මාරම කළකිරීමක්.
ඒ මිනිස්සු ආයෙ ජීවිතේ පටන් ගන්නේ කොතනින්ද? නිදාගන්නවත් විදියක් නැති තරමට මේ මිනිස්සු අසරණයි. ඕක අරන් ගිය එකා කොහොම හිත හදාගෙන මුන්ගෙ පිඟානෙ කෝප්පෙ කනව බොනව ඇද්ද? මේ තරමටම මිනිස්සු පිරිහිලාද කියල හිතෙනව වෙලාවකට. නීතියෙන් නැතත් කර්මයෙන් හරි මේව පළදෙනව. මේව ඉතින් අපිට උනත් වෙන්න බැරිනෑ. ඒක නිසා කවුරු කවුරුත් රෑට පිට තැන් වල නිදියන්නෙ බලාගෙනයි මිත්‍රවරුනි.