Friday, September 28, 2012

දිනෙන් දින වළ පල්ලට යන රටේ නීතිය

රටේ නීතිය ගැන අපි වගේ පොඩි උන්ට කතා කිරීමට සිදුවීම බලවත් ලැජ්ජාවකි. එහෙත් එය එසේ සිදුවන තැනට කටයුතු යෙදී තිබේ. රටේ අධ්‍යාපනය ‍රැක ගැනීමට මහමඟට බැස උගුර ලේ රහ වනතුරු මතු පරපුර වෙනුවෙන් කෑ ගසන සිසුනට නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. ඒ අතර රටේ ජාතික දේපොළ කාබාසිනියා කරමින් හොරකං කරන  කාලකන්නි හැතිකරේට වෙනමම නීතියක් බලපැවැත්වෙනු දැකිය හැක. මේ කියන්නට යන්නේ වෙන කිසිවක් නොවේ. එවන් දේ රටේ ඉහලම තැනත් ඉහලින්ම ක්‍රියාත්මක කරන බව මනාව පෙන්වන කතාවකි.

ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ ගැන බොහෝ දෙනා වෙබ් අඩවි වලින් අසා ඇතුවාට සැක නැත. ඔහු බොහෝ දේශපාලන හිතවතුන් සිටින අයකු බව අමුතුවෙන් කිවයුතු නැත. මොවුන් හට ක්‍රියාත්මක වන්නේ රටේ සාමාන්‍ය සිවිල් ජනයාට ක්‍රියාත්මක වන නීති රීති නොවේ.

අද හැන්දෑවේ වැරදීමකින් වාගේ රටේ ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන මාධ්‍යයේ(මාධ්‍යක) පුවත් විකාශය දැක්කෙමි. බැලුවා නොවේ, දැක්කෙමි. එහිදී රටේ නායකයා හා මාධ්‍ය නිළධාරීන්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වීම පිළිබඳ රස කරමින් කතා කරනු දක්නට ලැබුණි. විශේෂත්වය එය නොවේ.
අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කොට සිටින සුදර්මන් රදලියගොඩද අරලියගහ මන්දිරයේ ජනාධිපති උතුමන් හා සාකච්ඡා පවත්වමින් සිටීමය.





සුදර්මන්ට වරෙන්තු නිකුත් වුණේ අද ඊයේ නොවේ. ඒ 2011 වසරේ ජූලි 19 වනදාය.දැනට වසරකුත් මාස 2ක් ගතවී අහවරය. සමහර විට සුදර්මන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති බව රටේ ඉහල තැන හාන්කවිසියක් නොදන්නවා විය හැක. එහෙමත් නැත්තන් ඇඟේ ගෑවී ගෑවී උන්නත් සුදර්මන් අරලියගහ මන්දිරයට ආ වගක් එතුමන්ලාට මීටර් නොවන්නට ඇත.

මේවා කියන විට සුදර්මන් කර ඇති වරද කුමක්දැයි සමහරෙක් අසනු නිසැකය. පසුගිය කාලය තුල වෙබ් අඩවි මඟින් පුන පුනා එතුමන්ගේ හපන්කම් විස්තර කර දෙන ලදී.

එය ආයෙත් මතක් කර දෙනවා නම් මෙසේය.

''සුධර්මන් විසින් ටෙලිකොම් ආයතනයෙන් ඉවත්කළ පරණ යකඩ ටොන් 1828 ක් ලක්ෂ 60 කට ලබා ගැනීමේ බලපත්‍රයක් වෙනත් පාර්ශවයක් වෙත විකුණා ඇත.

එම බලපත්‍රයේ සුධර්මන්ගේ නමද සඳහන්ව ඇති අතර රුපියල් ලක්ෂ 15 ක් අත්තිකාරම් මුදලක් ගෙන එය අනෙක් පාර්ශවය වෙත පවරා ඇත්තේ නීතිඥවරයෙකු ඉදිරිපිටදීය.මේ නිසා කිසිදු සැකයකින් තොරව බලපත්‍රයට මුදල් ගෙවීමට දෙවන පාර්ශවය කටයුතු කර ඇත.

පසුව මෙම බලපත්‍රය ලබාගත් දෙදෙනා පරණ යකඩ තොගය ගෙන ඒමට ටෙලිකොම් ආයතනය වෙත ගොස් ඇත. එහිදී බලපත්‍රය පරික්ෂා කිරීමේදී ටෙලිකොම් සමාගම ප්‍රකාශකොට ඇත්තේ එම බලපත්‍රය ව්‍යාජ එකක් බවත් එවන් ලියවිල්ලක් ඔවුන් නිකුත් කලේ නොමැති බවත්ය.

ටෙලිකොම් සමාගම විසින් මේ පිළිබඳව කොටුව පොලිසියට දැනුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ බලපත්‍රය මිලදී ගත් අය අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.ඒ ව්‍යාජ ලේඛන සකස්කොට ටෙලිකොම් සමාගමෙන් යකඩ ගැනීමට තැත් කළේයැයි යන චෝදනාව මතය.

පසුව කල හෙළිදරව් වලදී සුධර්මන් රදලියගොඩ අදාළ බලපත්‍රය විකුණු බවට හෙළිවී ඇත.

සුධර්මන්ගේ පළමු වංචාව මෙය නොවේ.නීතිවිරෝධීආකාරයෙන් මුදල් ඉපයීමට සුධර්මන් මෙයට පෙර අවස්ථා කීපයකදීම කටයුතු කර ඇත.තරුණයන් කොරියාවට යවන බව රවටා ඔවුන්ගෙන් මුදල් ගැනීම මෙයට පෙර ඔහු විසින් සිදු කරන ලද එක වංචාවක් වේ." (තොරතුරු : Gossip9)






මෙච්චර හරියක් කරලාත් මොහුව අත් අඩංගුවට ගන්නට කොන්දක් ඇති පොලීසියක් අප සතුව නැතිවීම කණගා‍ටුවට කරුණකි.

මොහුව අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකරන්නේ මන්දැයි අධිකරණය විසින් පුන පුනා විමසද්දී, ඒවා හමුවේ බලධාරීහු මුණිවත රකිති. එහෙත් සාමාන්‍ය සිවිල් වැසියෙකු රෑට වෙළඳ සලකින් හොරෙන් බල්බ් එකක් ගලවාගෙන ගියත් එය CCTV කැමරා ඔස්සේ පටිගත වී තිබූ අයුරු පසුදින ප්‍රවෘති විකාශ වලින් රටටම දැක ගැනීමට සලස්වන අතර පසුදිනම ඔහුව මොන ගුබ්බෑයමේ හිටියත් කරටියෙන් අල්වාගෙන විත් උසාවියට ඉදිරිපත් කොට දඬුවම් කිරීමට තරම් අපේ පොලීසිය දක්ෂය. එහෙත් මාලකලා, සුදර්මන්ලා ඉන්න තැනක් තාම පොලීසියකට හොයාගන්න බැරි වුණේ මන්දැයි ගැටලුවකි. එක් අතකට පොලීසියේද වරදක් නැත. අකුරට රාජකාරි කරන්නට යන පොලිස් නිළධාරීන්ට වෙන දේවල් රටේ පොඩි එකා පවා දන්නේය. එහෙනම් වරද රටේ මස්තබාල්දු දේශපාලුවන්ගේය. නැත, නැත. එහෙම කියන්නත් බැරිය. ඒ ඔවුහු එතනට ගියේ අත උස්සලා නොවන බැවිණි. ඒ උඹලා, අපේම මනාප, ඡන්ද වලින් වීම නිසාය. එසේ නම් හොඳ සහසුද්දෙන් මේවාට බැනගත යුත්තේ අපටමය. ස්ත්‍රී දූෂන රෙකෝඩ් තැබූ සුනිල් නැමත්තා ඊයේ පෙරේදාත් වැඩිම ඡන්ද ලබමින් මන්ත්‍රී අසුනට පත් වූයේ එබැවිනි.

රටේ නීතිය බල්ලාට ගොස් ඇති බව කීමට මීටත් වඩා කවට නාට්‍ය කුමටද? අරෙහේ මරුවින් සිල්වාලා පිස්සු කෙළිති. මාලක සිල්වා ඔලුව පැලෙන්නට නෙලුවා කියා රෝහල්ගත වී සිටි මේජර් තුමන්ට එසේ කියවුණේ කම්පනයටලු. පේනා පරිදි ඔහු විසින්ම ඔහුට අම්බානකට නෙලාගෙන තිබේ.
දැන් මාලකලාට දඬුවම් කිරීම පසෙකලා මේජර් ට සිය රස්සාව බේරා ගැනීමේ සටනක නිරත වීමට සිදුව තිබේ.

දුමින්ද සිල්වාට මුල්ලේරියාවේ වෙඩි තැබීම හැර අනෙක් දේවල් මතකලු. දැන් එය රටේ පොඩි එකාගේ පවා ස්ටයිල් එක වී තිබේ. අම්බානකට ගුටි ඇනගෙන ටීචර් ගාවට යන එක පොඩි එකෙක්

"ටීචර්. මෙයා මට ගැහුවා..." යයි පැමිණිලි කරයි.

"ඇත්තද මේ කියන්නේ? ..."ටීචර් අසයි.

ඔලුව කසමින් සිටින පහරදුන් සිසුවා "මට කිසි දෙයක් මතක නෑනේ ටීචර්" යයි කියයි. මේ පසුගියදිනක ෆේස්බුක් අඩවියේ දක්නට ලැබුණු දෙබසකි.

ඒ අතරේ ස්ත්‍රී දූෂණ සිදු කරමින් රෙකෝඩ් තැබීමේ ආසාවෙන් පෙළෙන මන්ත්‍රීවරුන් ගැනද වාර්තා විය. එකවර ස්ත්‍රීන් කීප දෙනෙකු සමග යහන්ගත වීමේ බලාපොරොත්තුවත් ජයගත් ඒ මන්ත්‍රීතුමාට අපේ ආචාරය.

කහවත්තේ පිට පිටම සිදුවූ ද්විත්ව කාන්තා ඝාතන පි‍ටුපස නවතම කතාව ඇසුවාම හිනා යන්නේය.. මුල් ඝාතන සිදුකරනු ලැබූ ජෝන් සෙනවිරත්න ඇමතිතුමාගේ සම්බන්ධීකාරක ලේකම් ධර්මසිරි එය වෙනත් කල්ලියක වැඩක් බව හැඟවීමටත් ඔවුන් විසින් කළ ඝාතනය මිනිස්සුන්ට අමතක වීමටත් ඒ ජාතියේම ඝාතන ‍රැල්ලක් පවත්වාගෙන ගිය බව දැන් කියැවේ.

අපි මේ කොමඩි බලා දැන් හෙම්බත් වී සිටිමු. එහෙත් මේ කොමඩි වල ආරම්භය පමණක්දැයි කිව නොහැකේ කාටද?

මම පසුගිය ජනාධිපතිවරණයේදී හා තවත් මැතිවරණ කීපයකදී වත්මන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන් අයෙක්මි. ඒ අපේ අම්මලා, තාත්තලා උන්ට ඡන්දය දෙන පුරුද්දට අනූව යමින් නම් නොවේ. දශක ගනණාවක් පුරා රටේ දැවෙමින් පැවති යුද්ධය නිම කිරීමට ආණ්ඩුව සමත්කම් දැක්වීම ඇගයිය යුත්තේය. යුද්ධය ජයගත්තේ හමුදාව නේදැයි යමෙකුට තර්ක කළ හැක. නමුත් එය එක් පාර්ශවයක පමණක් තනි කාර්යය භාරයක් නොවේ.

යුද්ධය දිනන්නට හොඳ හමුදාවක් වගේම හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍යය. වාසනාවකට මෙන් මේ දෙකම පෑහීම නිසා යුද්ධය දිනන්නට හැකි විය. එහෙත් සදාකල් යුධ ජයග්‍රහණ මත යැපෙමින් ආණ්ඩුවට අත පිස දා ගත නොහැකිය.

අපි රටේ අනාගතය ගැන විවෘත ඇසකින් බැලිය යුතුය. පරම්පාරාව ඡන්දය දෙන්නේ අහවල් පක්ෂයට කියා, ඒ අනූව යමින් ඡන්දය භාවිතා කිරීම අනුවණ කමකි.

අපි පොඩි කාලේ ඉගෙනගත් පරිදි රටක ප්‍රභල විපක්ෂයක් සිටීම එරටේ සංවර්ධනයට සෘජුවම බලපායි. ප්‍රභල විපක්ෂයක් නොසිටීම බෙහෙවින් අනතුරුදායක තත්වයකි.දැන් අප මුහුණ පාමින් සිටින්නේ එකී ව්‍යසනයටය.ඇතැම් තැනක ආණ්ඩුව 60% ටත් වඩා ඡන්ද ලබාගනිද්දී විපක්ෂය 40% ත් අහිමි කරගෙන සිටිති. රටට කොච්චර කෙළ වුණත් පුරුද්දට සුපුරුදු පක්ෂයටම ඡන්දය භාවිතා කරන මිනිසුන්ගෙන් මෙරට ස්වයංපෝෂිත වී ඇති බව පෙනේ. ආණ්ඩුවක් හරි මගට ගැනීමට නම් විපක්ෂයද ප්‍රභල කළ යුතුය. එවිට ආණ්ඩුවට අත්තනෝමතික ලෙස රාජ්‍ය පාලනය ගෙනයා නොහැකිය. මක්නිසාද ඔවුනටද ආණ්ඩුව ‍රැකගැනීමේ අවදානමක් ඇති බැවිණි. නමුත් වර්තමානයේ උද්ගතව ඇත්තේ විපක්ෂය හීන වී යෑමේ තර්ජනයකි. විපක්ෂය හොඳ වුවත් නැති වුවත් ආණ්ඩුව යහමගට ගැනීමෙහිලා විපක්ෂයට සහය දැක්වීමට සිදුවන අවස්ථා එලැඹේ.

මේ බුද්ධිමත්ව සිතීමට සිදුව තිබෙන කාලයයි.

මොකාට නීතිය ක්‍රියාත්මක නොවුණත් මේ බ්ලොග් එකෙන් අහවලාට අපහාස වුණා යයි කියමින් මට නීතිය ක්‍රියාත්මක වන්නට ගියහොත් කිසිවෙකුත් පුදුම නොවිය යුතුය.

හෙට අනිද්දාට සුදු වෑන් එකකින් මාව ට්‍රිප් එකක් එක්කන් යන්නටද බැරි නැත. එහෙම කළාට කමක් නැත. හැබැයි වරෙන්තු පිට සිටින සුදර්මන්ලාට නීතිය ක්‍රියාත්මක නොකරන පොලීසිය, පුංචි මාව අත් අඩංගුවට ගන්නවානම් කලිසම් ගලවා අපේ වැටේ වනා ඒ කර්තව්‍යට ඒම මැනවි. මොකද විලිලැජ්ජාවක් ඇති නිළදාරියෙකුට එහෙම නැතුව ඒ වැඩේ කළොත් හරි නැති බැවිනි.

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

10 comments:

  1. //ඇතැම් තැනක ආණ්ඩුව 80% ටත් වඩා ඡන්ද ලබාගනිද්දී විපක්ෂය 20% ත් අහිමි කරගෙන සිටිති. //

    මෙහෙම තැනුත් තිබුනද බන් ?

    ReplyDelete
  2. සමාවෙන්න සහෝදරයා... "ඇතැම් තැනක ආණ්ඩුව 60% ටත් වඩා ඡන්ද ලබාගනිද්දී විපක්ෂය 40% ත් අහිමි කරගෙන සිටිති." ඔන්න ඕකයි ලියන්න හිටියේ. වැරදීමක් වුණේ. බොහොම ස්තුති පෙන්නුවට.

    ReplyDelete
  3. බලා සිටීම හැර වෙන කුමක් කරන්නද..??

    ReplyDelete
    Replies
    1. නෑ සහෝදරයා,අපිට පුළුවන් එකාගේද අන්න ඒකගේ ඇස් අරවන්න ඕනා. මේ post එක ලිව්වෙත් එහෙම අරමුණින් තමා.

      Delete
  4. කීමට දේවල් එමට ඇත. එහෙත් කියා පලක් නැත. හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි බන්. ආණ්ඩුව ගැන නම් තව කතා කරලා වැඩක් නැහැ. විපක්ෂේ ගත්තොත් රනිලා හදන්නේ මැරෙනකම් පුටුවේ ඉන්න. සජිත් පන්සල් පල්ලි වලට සල්ලි බෙද බෙද යනවා. මිනිහා කරන ජාතික දේශපාලනයක් නැහැ. සජිත් කොහොමහරි පක්ෂේ ඊළඟ නායකයා වෙන්න විතරයි හදන්නේ. ජේ.වී.පී. එක කරන්නේ මිනිස්සු පාරට බස්සලා තමන්ට නැතිවෙලා ගියපු ජනප්‍රියත්වෙ ආපහු ගන්න ට්‍රයි කරන එක. UNP JVP හැමෝම එකතු වෙලා SF ව අන්දවලා ජනරාල්ව විනාශ කරලා දැම්ම. දැන් කියන්න ඉතුරු වෙලා තියෙන්නේ එක දෙයයි බං, "කාට කියන්නද මේ දුක.."

    ReplyDelete
    Replies
    1. එක තැනකට බලය රොක් වීම ගොඩක්ම අනතුරුදායකයි මචන්. දැන් වෙලා තියෙන්නේ ඒකනේ. එක පවුලකට රටේ සියලුම බලතල පැවරිලා. ජනාධිපති, ආරක්ෂක ලේකම්, කතානායක, මැති ඇමති සිට ප්‍රාදේශීය පාලකයා දක්වා එකම ගෙදරින්. මේකෙයි ඉස්සර රජ කාලේ රට පාලනයෙයි වෙනස මොකක්ද? තාත්ත රජ නම් මන්දබුද්ධික වුණත් පුතත් රජ. දැනුත් ඒක එහෙම්මමයිනේ.

      Delete
  5. ආෂික්ලන්තයේ දේශපාලනය ගැන කතා කරන පුද්ගලයාගේ,
    (1) රුධිරයේ ජල ප්‍රතිශතය ඉහළ යයි.
    (2) මුහුණේ ප්‍රසන්න බව නැතීවී යයි.
    (3) දෙවියන්ට අප්‍රිය වේ.
    (4) හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානම වැඩිය.
    (5) දවසම මුස්පේන්තු වේ.

    ReplyDelete
  6. චන්ද දිනීමට ක්‍රම දෙකක් තිබේ. රටට වැඩ කර මිනිසුන්ගේ ඇත්තම කැමැත්ත දිනාගෙන චන්ද දිනිය හැක. එය බොහෝ රට වල අනුගමනය කරන ක්‍රමයයි. තවත් ඉතාම පහසු ක්‍රමයක් ඇත. ඒ චන්දය දෙන්න වෙන පක්ෂයක් නැති කිරීමයි. රජයට අකමැති වුවද චන්දය දෙන්නට වෙන කොන්ද පණ ඇති පක්ෂයක් නැත. උපායෙන් ඒ තත්වයට අනික් පක්ෂ පත්කොට ඇත. ඒ නිසා බොහෝ අය රජයට චන්දය දෙති. නැත්නම් චන්දය අවලංගු කරති.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ චන්දේ පරදින පැත්තට දෙන්න අකමැති කොටසකුත් ඉන්නවනේ බන්. ඒ ගොන්කමේ වාසිය ගන්නෙත් මුන්ම තමා.

      Delete

උඩට යන්න මෙතන click කරන්න.