Saturday, October 6, 2012

මට නුඹ විතරක් වුණාට ...

කාලෙකට පස්සෙ මං ආස කරන ආදරේ කරන කෙනා මට ආපහු හම්බුණා. මං අවුරුදු 4ක් 5ක් එයා නැතුව හරිම දුකෙන් හිටියෙ. එයා මගේ ළඟට ගන්න මං සෑහෙන්න උත්සාහ කළත් අපේ combined maths සර් එයාව මගෙන් ගත්තා. මට එකදිගට දවසක් උනත් එයා දිහා බලාගෙන ඉන්න පුලුවන්. මම අපේ සර්ගෙන් එයාව ඉල්ලුවා. සර් එයාව දෙන්න පොරොන්දු වුණත් අද දෙන්නම්, හෙට දෙන්නම් කිය කිය කල් ඇරියා. මම කොච්චර ආදරෙන් එයාව බලාගත්තද? 

ඒ දවස් වල උදේ අවදිවුණාම ඉස් ඉස්සෙල්ලම බැලුවේ ඒ ලස්සන දිහා. වෙන අයට එයා කැත වෙන්න පුලුවන්.ඒත් මට ඔයාව ලස්සනයි. ඒ මගේ දෑතින් ඔයාව ලොකු මහත් කළ නිසා වෙන්නැති.

මම A/L කළා. කැම්පස් ඇතුල් වුණා. ඒත් මට එයාව ආයෙමත් දකින්න ලැබුණෙ නෑ. දැන් මට ඉස්සර වගේ අපේ සර් හම්බෙන්නෙත් නෑ. ඒක නිසා එයාව ඉල්ලලා සර්ට කරදර කරන්න ඉඩකුත් මට නෑ.ඒත් දෙයියනේ මම කොහොමද එයා අමතක කරන්නේ? මම අපේ නංගි අතේ සර් ට පණිවිඩයක් යැව්වා. 

"අනේ සර්, මට එයාව ඕනේ..."

සුපුරුදු පරිදි සර් කිව්වලු "හරි හරි, මං දෙන්නම්.මං ගාව එයා පරිස්සමට ඉන්නවා. බයවෙන්න එපා කියන්න..."

බය නොවී කොහොමද සර්? එයාට පොඩි හරි පලුද්දක් උණොත් මට ඉවසන්න බැරි වෙයි. මම දුන්නු විදියටම එයාව මට ආපහු ඕනේ. 

දවස් ගත වුණා. ..

"අයියෙ, අයියෙ...සර් අද මට ඔයාගෙ චිත්‍ර ටික දුන්නා..." නංගි මෙහෙම කියද්දි මට දැණුනු සතුට. 

මම ඉස්කෝලෙ යන කාලෙ වරු ගනන් එක දිගට සමවැදිල වගේ සිත්තම් කරපු සිතුවම්!!! 

මගේ හිතේ ඒ චිත්‍ර ටික තාම තිබුණත් අතින් අල්ලන්න කොච්චර ආසාවෙන්ද හිටියෙ? දැන් ඉස්කෝලෙ යන කාලෙට වඩා දැනුමින්, නුවණින් අපි වැඩිලා. ඉතිං ඒ කාලෙ කරපු නිර්මාණ වල අඩුපාඩු දැන් වෙනදාට වඩා දැනෙනවා.පේනවා. ඒත් වයසෙ හැටියට ඒ මදැයි.  

මේ තියෙන්නෙ මම ඒ ආදරෙන් හදා වඩා ගත් සිත්තම් ටික. පැන්සල විතරයි මං පාවිච්චි කළේ. තුඩ මහත B4 පැන්සල. ඇන්දෙ 'කොන්කරා' කියන කඩදාසියේ. 

දැන් ඉතිං චිත්‍ර බලල හොඳ ළමයි වගේ අඩු පාඩු එහෙම යට කොමෙන්ට් එකක් හැටියට දාල යනව හොඳයි. 


 01 
02

03
04


තමන් වැඩියෙන්ම හිත් ගත්තු පින්තූරෙත් කියල යන්න. මං හිතං ඉන්නේ කමෙන්ට් දාන අයව දිනුම් ඇදලා ඒ එක්කෙනෙකුට තමන් වැඩියෙන්ම කැමති කිව්ව චිත්‍රෙ තෑගි කරන්ට... :D

කෝ....කමෙන්ට් එකක් දාන්නේ නැද්ද? :D

දැනට ප්‍රතිචාර ක් තිබේ.

13 comments:

  1. අපූරුයි. මචන් අර තෑග්ගෙ කතාව අයින් කලොත් නේද , ඒක කියවීම වෙනුවෙන් ලබාදෙන අල්ලසක් වගේ.මගේ හිත ගියේ කපුගේ හෙ පින්තූරෙට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රතු රජරට. තෑග්ගේ කතාව කියවනවට නෙවි, අදහස් කියල යනවට... :-)

      Delete
  2. බොහොම අපූරූ ටැලන්ට් එකක්.. මට නම් ඔක්කොම ලස්සනයි. (එහෙනම් ඔක්කෝම මට එවපන්.)

    ReplyDelete
    Replies
    1. හපොයි මේ අර සුප්‍රසිද්ද මාතලන් නේද? එහෙනම් මෙහෙත් ආව ඈ...? හරි හරි.මං උඹට ඔක්කොම එවන්නම්කෝ... :D

      Delete
  3. බොහොම අලංකාර සිතුවම් ටිකක් නේ...

    ReplyDelete
  4. Replies
    1. ආ...ඔය කියන්නේ ගුණදාස කපුගේ..? මගෙත් ආසම චිත්‍රයක් වාස්. :-)

      Delete
  5. අනේ මේ මල්ලි අනිත් උන්ට වංචාවක් කොරලා හරි මට අර කපුගේ ගේ චිත්තරේ දීහංකෝ

    ReplyDelete
    Replies
    1. හරි හරි අයියා, වංචා ඉතින් පුරුදු වෙන්න කොරන එකක්යැ...:p

      Delete
  6. කපුගේ තමයි මමත් කැමතිම එක. මම හිතන්නේ අඳින්නත් ගොඩක්ම අමාරු වෙන්න ඇත්තේ ඒක.

    ReplyDelete
  7. දෙයියනේ .. මේ ටික නං ඵට්ටයි .. ෆට්ට ඵට ඵටයි .... මේ .. මං චිත්‍ර ටික ඩවුන්ලෝඩ් කරා කමක් නැහැනේ..

    ReplyDelete
  8. @සුදු මහත්තයා,
    අනේ මට මොකැයි... කමක් නෑ, කමක් නෑ...

    ReplyDelete

උඩට යන්න මෙතන click කරන්න.