පහුගිය දවසක මම බ්ලොග් පෝස්ට් එකක් ලිය ලිය ඉන්නකොට මගේ ගෑණු ළමයගෙන් call එකක් ආවා.මං ඉතින් කර කර ඉන්න වැඩේ පැත්තක තියලා දුරකතනය answer කළා.
"හෙලෝ...." මං කටහඬ අවදි කළා.
"හෙලෝ....ඔයා වැඩද අයියේ?"
"ආ...ඔව් අනේ,මං මේ බ්ලොග් පෝස්ට් එකක් ලියනවනේ."
"බ්ලොග් පෝස්ට් එකක්? මොකක් ගැනද?"
"හ්ම්ම්ම්...!!!" ඇය බොහොම උදාසීන විදියට එහෙම කිව්වා.
"ඇයි නිකන් හ්ම්ම්ම් ගෑවේ..?" මං හිනාවෙන ගමන්ම ඇහුවා.
"මං ගැනත් ඕකෙ ලියන්න." ඇය බොරු මුරණ්ඩු ගතියක් ආරූඪ කරගෙන කිව්වා.
"ඔයා ගැන...?"
"ඔව්.මං ගැන..."
"හි හි...හ්ම්ම් හ්ම්ම් මං ලියන්නම්කො අපි දෙන්නගෙ ආදර කතාව ගැන ලස්සන බ්ලොග් පෝස්ට් එකක්."
"අනේ නිකං බොරු කියන්නැතුව ඉන්න අයිය. මං දන්නැද්ද ඔයා ගැන.ඔයා ලියන්නේ නෑ..."
"ඇයි ඔයා එහෙම කිව්වෙ?"
"ඔයා මං ගැන ඕකෙ ලියන්නෑ.මං දන්නවනෙ"
මට එක පාරට හිනාගියා.
"ඉන්නකො එහෙනම් මං ඔයාට ලියලම පෙන්නන්නම්කො..."
"හ්ම්ම්...ලියයි ලියයි.." ඇය ඒක නම් කොහෙත්ම විශ්වාස නොකරන පාටයි.ඔහොම ඔහොම කතා කරලා මං දුරකතනය තිබ්බා.
ඔන්න දැන් ඉතිං මට පොඩි චැලෙන්ජ් එකක් ඇවිත් තියෙන්නෙ. මං ඇයට නොකියාම චැලෙන්ජ් එක බාරගත්තා.ඇය තවම දන්නෙ නෑ මං මේක ලියනව කියලා.මං අද ලියන්න යන්නෙ ඇය හා මම හමුවුන හැටි හා මගේ "ආදර mission" එක ගැන.
ඇයත් මමත් ඉගෙනගත්තෙ ඇඹිලිපිටියෙ තිබුණු පාසල් දෙකක.මම ඇයව ඉඳ හිට හරි දැක්කෙ පෞද්ගලික උපකාරක පංතියකට යද්දි විතරයි. 7,8 වසර වල වගේ ඉඳන් ඇයව දැකල තිනුණත් උසස් පෙළ දක්වාම අපි අතර විශාල දැනහැඳුනුම් කමක් තිබ්බෙ නෑ.
පොඩි කාලෙ අපි කෙල්ලෙක් එක්ක කතා කළොත් අපේ යාලුවො "ආ...ආ... සම්පාත්....හා...හා...." කියල මාස දෙකක් විතර යනකං ඒ කෙල්ලගෙ නම අල්ලලා අපිට විහිලු කරනවනේ.මේ අත්දැකීම හැම කෙනාටම ඇති.ඒත් උසස් පෙළ දක්වා ආපු අපි දැන් ලොකු ළමයිනේ. දැන් ඒ වගේ ගොන් පාට් දාන වයසක් නෙවෙයි. ඒක නිසා දැන් කෙල්ලෙක් මූණට හම්බුණොත් වචන දෙක තුනක් වත් කතා නොකර අපි යන්නෙ නෑ.
ඉතිං උසස් පෙළට ආවට පස්සෙ මම ගණිත අංශය තෝර ගනිද්දි ඇය ජීව විද්‍යා අංශය තෝරගත්තා. ඒක නිසා නිතරම පංති යනකොට ඇයව දකින්න ලැබුණා.ඔන්න ඔය කාලෙ තමයි මගේ හිතේ ඇය ගැන අදහසක් පහළ වුණේ.
ඇගේ නම 'නදී'. ඇගේ ලස්සනම ලස්සන සිනහවයි, හැමෝම එක්ක හිනාවෙලා කතා කරන එකයි තමයි මම ඇගේ ආසම කරපු ගති ලක්ෂණය. ඉතින් උදේ පාන්දර පන්ති යනකොට පංතිය ලඟදි හම්බුණාම "Good morning" කියල මුව පුරා හිනාවෙලා කියන ඇයට මම හිතින් ආදරය කළා. එදාට ඉතින් දවසම හරිම සතුටින් තමයි ඉන්නේ.
ඒ දවස් වල මම පංතියෙ තරමක් කැපී පේන ශිෂ්‍යයෙක්. දැන් කෙළවරක් නැති ගොං වැඩ කළාට ඒ දවස් වල වැඩට එහෙම දක්ෂ, ගුරුවරුන්ගෙ ආදරය එහෙම දිනාගත් ළමයෙක්.ඒක නිසා පංතියෙ ළමයි අතර ලොකු පිළිගැනීමකුත් තිබ්බා කියල හිතනවා. මේ නිසාම මං ඇයට "Good morning", "ඉතිං කොහොමද නදී...?" වගේ දේවල් කියනකොට ඇය කොහෙත්ම හිතන්න නැතුව ඇති මේ නම් වලත්තකමට තමයි කියලා. (ඔන්න ඕක තමයි නංගී,මල්ලී උඹලට මං කියන්නෙ හොඳට ඉගෙනගනිං කියලා.. :-D)
මං කොහොමත් වාත වෙවී කෙල්ලො පස්සෙ යන්න නම් කොහෙත්ම කැමති නෑ...කෙල්ලෙක් පස්සෙ ගිහිල්ලා කැමතිද අහලා බෑ කිව්වොත්, "බැරිනම් ඉතිං නිකන් ඉන්නවා, වැඩේමයි...රටේ ලෝකෙ තව කෙල්ලො නැද්ද?" වගේ දෙයක් මගේ මුවින් පිටවෙයි කියලා මට බයයි.
මම chemistry class ගියේ ඇඹිලිපිටීයේ "සරසවි" ආයතනේට. ටකරං සෙවිලි කරපු වහලක් යට ඉදේ ඉඳං හවස් වෙනකම්ම තැම්බෙන තැම්බිල්ල කියලා වැඩක් නෑ. කස්ට කාගෙනම කොහොම කොහොම හරි පංති ගියේ A/L විභාගෙ ගොඩ දාගන්න ඕන නිසා.
දවසක් chemistry revision class එකේදි මායි, මගේ යාලුවො ටිකයි ඉන්න පේළියට සමාන්තරවම වගේ ඇයත් යාලුවොත් එක්ක වාඩි වෙලා හිටියා.පංතියේ ඉන්න ගමන් ඉඳ හිට ඒ පැත්ත බැලුනේ ඉබේටම වගේ.ඇයත් එක්ක හිනා වෙන්න ,කතා කරන්න ආසාව තිබුණත් අවස්ථාවක් නම් උදා වුණේ එහෙමත් දවසක තමයි.
ඔන්න ඔහොම ඉන්න වෙලාවෙ මගේ ටිකිරි මොලේට ආව නියම අයිඩියා එකක්!!! මද්දහන වෙලාව නිසා මට හොඳටම වතුර තිබහ විය යුතු බව මට කල්පනා වුණා. ගෑණු ළමයි ළඟ නම් වතුර නොවැරදීම තියෙනවා.කොල්ලො ළඟ කවදද වතුර තිබුණේ? මාත් අවසන් වතාවට වතුර බෝතලයක් අරගෙන ඉස්කෝලෙ ගියේ 8 වසරෙදි වගේ බව මට ලාවට මතකයි.
අපේ උන් ළඟ වතුර නැති බව හොඳටම දැන දැනත් මම "මචං...වතුර නැද්ද බං?...මාරම තිබහයිනෙ...."කියලා වට පිටාවෙ ඉන්න කොයි කාටත් ඇහෙන්න ඇහුවා.ම්හ්හ්හ්....කාගෙන්වත් නෑ ප්‍රතිචාරයක්. ඊ ළඟට කරන වැඩේ හැමෝම දන්නවනේ. මම හැරුණා ගෑණු ළමයින්ගෙ පැත්තට.ෂෙහ්හ්...කෝ අරයා නෑනෙ පැත්තවත් බලන්නෙ....මම බොහොම දුකින් ඒ පැත්ත බලාගෙන හිටියා.ඔය අතරේ නදී අසල සිටි ඇගේ යාලුවා මගෙ දිහා බැලුවා.
"ආහ්හ්...අනේ හලෝ වතුර නැද්ද? අරයගෙන් ඉල්ලල දෙන්නකො..."මං ලද අවසරයෙන් ඇයට කිව්වා.
"නදී....අන්න අරයා වතුර ඉල්ලනවා" ඇගේ මිතුරිය ඇයට කිව්වා.
අපේ පැත්ත බලල හිනාවුණු ඇය වතුර බෝතලය අපිට දුන්නා.හෆ්ෆා...දැනුනු සංතෝසෙ..මං වතුර බෝතලේ අරගෙන බොහොම ගෞරවයෙන් ඉන් ටිකක් පානය කළා.
"අඩෝ අපිටත් දීපන්...අපිටත් දීපන්" එහෙම කිව්ව මගේ අතිජාත කඩාකප්පල්කාරී මිත්‍රයො ටික එක හුස්මට බෝතලේ හිස් කළා.මදැයි...දැන් මොකක්ද කියන්නේ?
ඔන්න ඔය වෙලේ තමයි මට කවි සිතුවිලි පහල වුණේ. මං කොහොමත් ඒ දවස් වල ඉඳලා කවි ලියන්න චුට්ටක් විතර දක්ෂයි. මං ගත්තා කොළ කෑල්ලක්. වැඩි වෙලා ගත කරන්නත් බෑ.සර් අරෙහේ nunstop උගන්නනවා. ලෝක අමාරුවෙන් පද පේළි 4ක් align කරලා පොඩි කවියක් ලියා ගත්තා.දැම්මා ඒක හිස් බෝතලේ ඇතුලට.දුන්න බෝතලේ.
බෝතලේ අතට ගත්තු ඇය දැක්ක බෝතලේ ඇතුලෙ තියෙන කොල කෑල්ල.ඔන්න මම එවෙලෙම ටක් ගාල නැවත පාඩමට හිත යොමු කළා.සර් හෝ ගාල බෝඩ් එකේ ගාණක් ලියනවා.ටිකක් වෙලා ගාණ පිටපත් කළ මං නැවත අර දිහාවට රබර් ඇස යොමු කළා.මෙන්න බොලේ එයා කවිය බල බල යාලුවො ටිකත් එක්ක හයියෙන්ම හිනාවෙනව.
( පුදුම සිද්ධිය කියන්නේ අපි යාලු වෙලා හරියටම අවුරුදු 3ක් ගිය දවසේ ඇය මං අර ලියපු කවිය සහිත කොළ කෑල්ල මට තෑගි කළා.ඇය සෑහෙන කාලයක් ඒක පරෙස්සමින් තියාගෙන තිබුණා. )මේ තියෙන්නෙ ඒ ඓතිහාසික කවිය තමා.
( පුදුම සිද්ධිය කියන්නේ අපි යාලු වෙලා හරියටම අවුරුදු 3ක් ගිය දවසේ ඇය මං අර ලියපු කවිය සහිත කොළ කෑල්ල මට තෑගි කළා.ඇය සෑහෙන කාලයක් ඒක පරෙස්සමින් තියාගෙන තිබුණා. )මේ තියෙන්නෙ ඒ ඓතිහාසික කවිය තමා.
ඉතිං ඔන්න ඔය විදියට බොහොම සුන්දර ලෙස අපේ A/L කාලය ගෙවිලා ගියා.මම ඇයට කැමැත්තෙන් හිටිය බවක් ඇය ඒ වන තුරුත් දන්නෙ නෑ. මම ඒ බවක් අඟවන්න ගියෙත් නෑ.මගේ උද්දච්චකමට මම බොහොම ඩීසන් විදියට හිටියා. කොහොම කොහොම හරි A/L විභාගය ආවා.පංති නැවතුණා.විභාගෙත් ලිව්වා.දැන් කොල්ල ගෙදර.
ඔහොම මෙලෝරහක් නැතිව ජීවිතය ගෙවෙද්දි ජීවිතේ අතිශය වැදගත් දවසක් උදා වුණා.එදා මොකද වුණේ කියල දන්නවද? හ්ම්ම්වාහ්හ්හ්....නිදිමතයි ඕයි!!! ඒක ඊ ළඟ කොටසින් කියන්නම්...(ප්‍රතිචාර හොඳ වුණොත් ඊ ළඟ කොටස දානවා අද හෙටම... :D )
(දෙවන කොටස මෙතැනින්)
පට්ට පට පට. උඹල දෙන්නගේ කතාව දැනගෙන හිටියට ඔය scene ඒක දන්නේ අදනේ බං. සිරාවටම ලියලා තියෙනවා බලන් හිටියා වගේ තේරෙන්න. ඔන්න මගෙනුත් සුභපැතුම්. blog එකටයි love එකටයි දෙකටම. :D
ReplyDeleteආ...තෑන්ක්ස් මචං මාලක.උඹට ඉතිං මං නොකියන දෙයක් නෑනේ..මේක උඹට නොකිව්වේ මොකද කියල මං මේ කල්පනා කළේ...:D
Deleteමේක දැක්කෙ අද. ඔක්කොම (පොස්ට් 4ම ) කියෙව්ව.
ReplyDeleteලියමු... ඈ
බොහොම ස්තුති සහෝදරයා...දිගටම ලියන්න ඕන.දිගටම එන්න එහෙනම් ඈ.... :D
DeleteYako... mechchara liyala magadi nawaththala thiyenne hariyata. Super star result 1 denne nethuwa advertiesment daanawa wagene ban. Ikmanata daapan ithuru tika :D
ReplyDeleteස්ටෝරිය දිග වැඩි වෙයිද කියලා හිතුනා... :D එත් බයවෙන්නෙපා...සුපර්ස්ටාර් තරම් අප්පිරිය කරන්නේ නෑ...:D
Deleteඑළ මචං, දිගටම ලියපන් බාගෙට කියල නවත්තන්න නම් එපා.
ReplyDeletethanks මචෝ...දිගටම ලියනවා... :D
Deleteනියම ලව් සීන් එක මචෝ ඉතුරු ටිකත් ඉක්මනට ලියපන්.
ReplyDeleteමේ ලියනවා සහෝදරයා....:)
Deleteඑල මචං...දිගටම ලියන්න.
ReplyDeleteබොහොම ස්තුති මචං....
Deleteniyamai .. digatama liyanna yalu
ReplyDeleteහරි හරි යාලු...දිගටම එන්න මෙහේ...
Delete